දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පොලිස් වසමේ දොඩංගො හා ගැලනිගම අතර 31.7 ස්ථානයේ මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් එම දිශාවටම ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් ජීප් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. එහිදී නාගොඩ රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (25දා) රාත්රියේ මෙම අනතුර සිදුවිය.