දකුණු අධිවේගයේ පින්නදූවේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් අයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මරණකරු අවුරුදු 45ක් වූ කහතුඩුව ප්ර දේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.