දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථයක් කහතුඩුව පොලිස් වසමට අයත් 3.6 L කණුව අසළදී හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති අතර ගින්න හේතුවෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කෙටි කාලයක් ගිනි ගැනීමට ලක්වූ දෙවැනි ලංගම බස් රථය මෙය වෙයි.