දංකොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාඵ අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 148 දෙනෙකුගේ 27 සහ 28 දෙදින තුල සිදුකරන ලද පී සී ආර් පරීක්ෂන වලින් 45 දෙනෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස ඊයේ 29 තහවුරුවී ඇතිබව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරයි.
වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකල පී සී ආර් පරීක්ෂණ වලින් ඉකුත් 26 වන දින මෙම කර්මාන්තශාලාවේ එක් සේවකයෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස වාර්තාවීමත් සමග එහි සේවකයන් පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ මෙසේ සිදුකල බවත් මෙම සේවකයන් වෙන්නප්පුව, හලාවත , ආරච්චිකට්ටුව, පල්ලම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අයත් පිරිසක් බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිත්සිරි යාපා මහතා පැවසීය.
එම කර්මාන්තශාලාවෙන් විශාල ආසාදිතයන් පිරිසක් වාර්තා වීම සම්බන්ධව පුත්තලන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ආර් එම් එස් ඩිනූෂා ප්‍රනාන්දු මහත්මියගෙන් අප කල විමසීමේදී ඒ මහත්මිය කියා සිටියේ මෙම කර්මාන්ත ශාලාවෙන් විශාල රෝගීන් පිරිසක් වාර්තාවෙලා තියෙනවා. ඒ තත්වය ගැටලුවක්. ආසාදිත රෝගීන් රෝහල්ගත කිරීමටත් ඔවුන් සමග සේවය කල අනෙක් සේවකයන් ආයතනය තුලම රඳවාගනිමින් ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදන බවත්ය.
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිත්සිරි යාපා මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂ අමිල ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන අසේල හේරත්, රුචිර අමරසිංහ, චානක හර්ෂණ යන මහත්වරුන් විසින් වෛරසය ආසාදනය වී ඇති රෝගීන් රෝහල්ගත කිරීමට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ස්වයං නිරෝධායන සඳහා යොමු කිරීමට කටයුතු යොදනු ඇත.
පන්නල-හේමා රාජපක්ෂ