සමථ මණ්ඩලවල මූල්‍ය සීමාව රුපියල් මිලියන 20 දක්වා වැඩිකරන බවත් රටේ දික්කසාඳ නඩු විශාල වශයෙන් වැඩි වී ඇති බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
අනුරාධපුර මහාධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මහජන දිනයට හවුවෙන්න එන ජනතාවගෙන් සියයට 90 ක්ම එන්නේ නඩු ප්‍රමාදය පිළිබදව පවතින ගැටළු පිළිබදව කියන්නයි. අපි අපේ අධිකරණවල නඩු කීයක් තීන්දු දීලා තියෙනවා ද නඩු කීයක් තිබෙනවාද මේ ආදී වශයෙන් නිසි පරිදි විද්‍යාත්මක විගනණයක් මේ වන විටත් සිදු කරලා නැහැ.
අපි නඩු ප්‍රමාදය පිළිබදව කථා කරනවා වගේම නඩු පිළිබදව විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළ යුතුයි. දැන් ඇතැම් අවස්ථාවල අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් ස්ථාන මාරු කරනවා. එවැනි අවස්ථාව ලදී අඩක් අසන ලද නඩු වල දී ප්‍රශ්න ඇති වෙනවා.
පවතින නීතියේ ඇති ගැටළු නිසාත් නඩු ප්‍රමාදය ඇති වන බව කිව යුතුයි.නඩු ප්‍රමාදයට ඇති විසදුම් සොයනවා වගේම අපි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවත් වැඩි කළ යුතුයි.අපි ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට කල්පනා කළත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නිසා එය සිදු කළේ නැහැ.
අපේ රටේ සමස්ත නීති පද්ධතිය පිළිබඳව විශලේෂණයක් සිදු කර එය රටේ ආර්ථික සමාජ රටාවට සුදුසු පරිදි සකස් කිරීමට කාලය පැමිණ තිබෙනවා.අපේ රටේ දික්කසාද නඩු විශාල වශයෙන් අද වැඩි වෙලා තිබෙන බැවින් එහි ඇති නීති පිළිබදව අලුතින් කල්පනා කළ යුතුයි.ඇතැම් අවස්ථාවලදී විවාහ වෙලා සතියක් දෙකක් යන විට දික්කසාද වෙනවා එවැනි අවස්ථාවලදී දික්කසාද නඩුවක් දිගු කාලයක් පවත්වා ගෙන නොයා කඩිනමින් අවශ්‍ය විසදුම් ලබාදීමට හැකි වන පරිදි නීතිය සකස් විය යුතුයි.”