දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු කාන්තාවකට සහ තරුණයෙකුට සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව එම දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ මහතා පැවසිය.
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් අක්කර 50 මිඩ්ලන්ඩ් කොටසේ පදිංචි 54 දෙදෙරු මවක් දික්ඔය මුලික රෝහලේ අක්ෂි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි (20) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව එම කාන්තාවට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම නිසා අසාදිත කාන්තාව හගුරන්කෙත නිරෝධායන ප්‍රතිකාර ඒකකය වෙත යොමු කර ඇයගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
මේ අතර නෝර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වත්තේ පදිංචි අවු 21 තරුණයෙකු කැපිම් තුවාල සහිතව ප්‍රතිකාර ලබා ගැනිමට (21) දින රාත්‍රියේ දික්ඔය මුලික රෝහලට පැමිණ ඇති අතර ,තුවාකරුට මුලික ප්‍රතිකාර ලබා දි සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව එම තුවාලකරුද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා ඔහුගේ පවුලේ සමාජිකයන් සිව්දෙනෙකු (22) දින ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.