ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට කෝවිඩ්19 ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති බව එම පුවත්පත සඳහන් කරයි. අදාළ මාධ්‍යවේදියා එම පුවත්පතේ පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරුවෙකු ලෙස සේවය කළ අතර පසුගිය දින කිහිපයේදී සේවයට වාර්තා කර නොමැතිව නිවසේ සිටියදී ස්ව කැමැත්තෙන් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකට අනුව ඔහුට මෙම රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට අදාල කර්තෘ මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විශබීජහරණය කර තිබෙන අතර සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ. කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද සන්ඩේ ටයිම්ස් පුවපත්පතේ සේවකයන් වැඩි දෙනෙකු නිවසේ සිට සේවය කරන්නන් වන අතර ආයතනය තුළ සේවය කරන සියලු දෙනා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද වලට අනුව සිය කාර්යයන් ඉටු කරන බවත් සියලුම මුද්‍රණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සෞඛාරක්ෂිතව සිදු කරන බවත් විජය පුවත්පත් සමාගම දන්වා සිටියි.