දකුණු කොරියාව ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 176ක් වාර්තා කළ අතර, එය පිළිවෙලින් ඊට පෙර දින දෙකේදී වාර්තා වූ රෝගීන් 156 සහ 155 සමග සැසඳීමේදී සුළු වැඩිවීමකි.
පල්ලියක් ආශ්‍රිතව පැතිර ගිය ආසාදන රැල්ලකට සෝල් අගනුවර සටන් වදින අතර අගෝස්තු මාසයේදී රටේ දෛනික ආසාදිත අගය 441 දක්වා ඉහළ ගියේය.
රජය දැඩි සමාජ දුරස්ථ නීතිරීති පැනවීමෙන් පසුව එම සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටී ඇති නමුත් අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් කියා සිටියේ අඛණ්ඩව පැතිර යන ආසාදන නිසා රජය විසින් සෝල් ප්‍රධාන කලාපයේ රාත්‍රී භෝජන තහනම් කිරීම ඇතුළු සීමා කිරීම් දීර්ඝ කිරීමක් හෝ ලිහිල් කිරීම යන කාරණා ගැඹුරින් සලකා බලන බවය.
"ජනතාව කරන පරිත්‍යාගයන් සැලකිල්ලට ගනිමින් සීමාවන් ඉවත් කිරීම සිදුවේවි. එහෙත් කඩිමුඩියේ ලිහිල් කිරීම වෛරසය නැවත පැතිරීමට තුඩු දෙනු ඇති අතර, මහජනයාට ඊටත් වඩා වේදනාවක් ගෙනඑනු ඇතිදැයි අප සලකා බලමින් සිටිනවා" අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.