දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ශාලාවක් ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 ආසාදිත පොකුරක් හා සම්බන්ධ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 250කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබේ.
සෝල් අගනුවර ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලා දිස්ත්‍රික්කයක් වන ඉටාවෝන් හි පැතිරී ඇති ආසාදිත පොකුර මේ වනවිට 247ක් බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
රෝග පාලනය හා වැළැක්වීමේ කොරියාවේ මධ්‍යස්ථාන (KCDC) අද (26දා) කියා සිටියේ මෙම රෝගය පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ 83,000ක් පවත්වා ඇති බවයි. ධනාත්මක බව තහවුරු වූ 250කට ආසන්න සංඛ්‍යාවෙන් 30%ක් පමණ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් බවද එම මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්කයේ බොහෝ සමාජ ශාලා සෝල් හි සමලිංගික ප්‍රජාව අතර ජනප්‍රිය වී ඇති අතර, වෛරසය පැතිර යාමෙන් රට තුළ ඔවුන් වෙත එල්ල වන විරෝධය වැඩිවී ඇති බව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.
ලොව පුරා බොහෝ පිළිගත් මාධ්‍ය ආයතන විසින් කොවිඩ්-19 සම්බන්ධයෙන් නිල දත්ත ලබාගන්නා ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව දකුණු කොරියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 11,225කි. එරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 269කි.