තෙල් මිල වැඩිකිරීමට අගමැති ලිඛිතව අවසරය දුන්නා
තෙල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව අනුමැතිය දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ඉන්ධන මිල තීරණය කරන්නේ ලෝක තෙල් මිල හා ඩොලරයේ මිල මිස බලශක්ති අමාත්‍යවරයා නෙමෙයි.
අවස්ථා තුනකදීම තෙල් මත තිබෙන බදු ඉවත් කර ගැනීමට කටයුතු කළා. භාණ්ඩාගායෙන් බද්දක් අඩු කරනවා කියන්නේ අගෙන් ඇටයක් යනවා වගේ වැඩක්.
බලශක්ති ගැටලුව විසඳීමට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටෙව්වා. කමිටුවේ සාකච්ඡා වට තුනකට පස්සේ මැයි 12 ඉන්ධන මිල සංශෝධනය කරන්න තීරණය කළා.
පසුව එය ජනපතිතුමා සමග සාකච්ඡා කළා. ඉන් අනතුරුව අවසාන තීරණය ගන්න ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුව රැස්වුණා.
ජනපති, අගමැති, කෘෂිකර්ම ඇමති, වෙළඳ ඇමති, තරුණ ඇමති, මුදල් රාජ්‍ය ඇමති ඇතුළු පිරිසක් මෙයට එක්වුණා.
තෙල් මිල වැඩි කිරීමට මහ බැංකුව උපදෙස් දුන්නා.
විකල්ප යෝජනා ක්‍රම ගැන සාකච්ඡා කරලා තමයි තෙල් මිල වැඩිකිරීමට තීරණය කළේ.
තෙල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ගන්න ඕන. තෙල් මිල වැඩි කරන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලිඛිතව ලැබුණා.
ජනපතිතුමත්, අගමැතිත් ඇතුළු සියල්ලම ගත් තීරණය තමයි මම ප්‍රකාශ කළේ.
සාගර කාරියවසම් මහතා පහර ගසන්නේ මට නෙමෙයි පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට හා පක්ෂය බිහිකළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටයි.
ජනපතිත් අගමැතිත් ආරක්ෂා කර ගන්න ස්වෙච්ඡාවෙන් මමයි ඉදිරිපත් කළේ. ඉල්ලා අස්විය යුත්තේ මමද සාගර කාරියවසම්ද?"
popular news
-
Deepal Nirosh Sunday, 13 June 2021 07:14 PM
ඔබතුමා 100% නිවැරදි බව පිළිගන්නවා. එතකොට ගැටළුව සාගර මැතිඳු නිවේදනයට ලිඛිත හෝ මාර්ගගත හෝ අනුමැතිය දීපු ඒ අගමැතිත් නොවන ඒ ජනපතිත් නොවන ශ්‍රී ලංකා පොදුජන මැති කවුද කියන එකයි?
Reply : 0 0
Kumar Sunday, 13 June 2021 07:45 PM
So, the president want to make Gammanpila the sacrificial goat.
Reply : 0 0
Demuni Uduwara Monday, 14 June 2021 01:28 AM
Neither you nor Sagara but Mahinda Rajapaksa- Finance Minister .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

