පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විෂයභාර අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව පත් කල යුතු පූර්ණකාලීන සාමාජිකයන් තිදෙනා අතුරින් එක් අයෙකු ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන මහතා අද (21දා) පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති මගින් රාජ්‍ය අමාත්‍ය ලන්තුත අලගියවන්න මහතා වෙත කරන ලද ඉල්ලා අස්වීම ලද බවත් එම ලිපිය පිළිගත් බවත් සදහන් කරමින් අමාත්‍යවරයා තුෂාන් ගුණවර්ධන මහතා වෙත දන්වා යවා ඇත.
පසුගිය කාල සීමාව තුලදී විවිධ මාධ්‍ය ආයතනවල විධායක අධ්‍යක්ෂධූරයද අධ්යක්ෂජනරාල්ධූරයද සදහන් කරමින් පෙනීසිටි ඔහු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පනතට අනුව එවැනි තනතුරක් නොමැති බවත් පූර්ණකාලීන සාමාජිකයෙකු වශයෙන් පමණක් සේවය කල බවත් රාජ්‍ය අමාත්වරයා වැඩිදුරටත් සදහන් කරන ලදී. ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සේවයට ස්තූතිය පළකල රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සුභාශිංශනය පළ කර ඇත.
පසුගිය දිනවලදී මාධ්‍ය හරහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පිළිබදවත් රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳවත් සදහන් කළ තොරතුරු ඉතා වැරදි සහගත බවත් එම සියලුම කරුණු ප්‍රතික්ෂේප කරන බවත් හෙට දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනත සංශෝධන විවාදයේදී එම කරුණු පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමා විසින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් කරුණු දැක්වීය.
