
තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදි පසුගිය 24 වැනි දින එම පොලිස් ස්ථානයේම අනුයුක්තව සිටි පොලිස් සැරයන්වරයෙකු සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේම සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනා හට මෙතෙක් දැරු නිලයේ සිට ඊලඟට ඇති නිලය දක්වා උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබේ.
පශ්චාත් උසස්වීම් පදනම යටතේ මෙම උසස්වීම් ලබා දී ඇති අතර මේ අනුව පොලිස් සැරයන් කේ.එල්.එම් අබ්දුල් කාදර් පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් පොලිස් සැරයන් ඒ. නවීනාත් පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වාත්, ටී.බී.කේ.පී. ගුණසේකර පොලිස් කොස්තාපල් තනතුරේ සි පොලිස් සැරයන් තනතුර දක්වාත්, පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්. පුශ්පකුමාර පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුර දක්වාත් උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් මගින් සඳහන් කරනු ලබයි.