ත්‍රිරෝද රථ අනතුරකින් ගුවන් හමුදා සෙබලුන් 4ක් මරුට
වරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
කොළඹ සිට පොලොන්නරුව බලා ගමන් ගත් කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රි රෝද රථයේ ගමන් කළ සිවු දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබීම හේතුවෙන් අනතුරට හේතුව කුමක්දැයි සොයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැක පළකරයි.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රි රෝද රථයේ තිබී අවමංගල්‍ය ගෙදරක බැනරයක් පොලීසිය සොයාගෙන තිබේ.
වරකාපොල රංගන රුවන්



popular news
-
Champa Tuesday, 31 December 2019 10:04 PM
අනේ මන්ද. මේක මාසෙට වාහන අනතුරු සහ මරණ මහා විශාල සංඛ්‍යාවක් අහන්න ලැබුන. නිකම් නිස්කාරනේ ජෙවිත නැති වෙනවා. ත්‍රි රෝද රථයේ හිටපු 4 දෙනාම මැරෙන්න තරම් වේගයකින් ගියාද නැත්නම් නින්ද ගියාද? දෙකම මාර්ග නීති වලට විරුද්ධයි. නිදිමතින් වාහන එලවන්න එපා කියන එක රියදුරු බලපත්‍රය ගන්න කොටම කියන දෙයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

