ත්‍රස්තවාදී පනතට සංශෝධන ගේන්න ඇමති අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අධ්‍යනය කරන අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම හෝ ත්‍රස්තවාදය වැළැක්විමේ සඳහා නව නිති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ඇතැයිද දැනගැනිමට තිබේ.
ත්‍රස්තවාදී කණ්ඩායම් ඩිජිටල් අවකාශය හා අතථ්‍ය අවකාශ භාවිත කරමින් ඒ හරහා ඔවුන්ගේ අදහස් හා ප්‍රචාරය කළ හැකි සීමා වඩාත් පුළුල් කර ගැනීමක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා පවතින නීති සංශෝධනය කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ.
සමාජ මාධ්‍ය හා අන්තවාදය වෙත පොළඹවාගැනීම වැළැක්වීම සහ අන්තවාදී සිදුවීම් නැවතත් ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ දේශීය බලධාරීන් සතු අධීක්ෂණ, විමර්ශන සිදු කිරීමේ බලතල ශක්තිමත් කිරීම සඳහාද නීති සම්පාදනය කිරීමට යෝජිතය.
ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම, ප්රමිතීන් සහ රීතීන් සැලකිල්ලට ගනිමින් මෙම ජාත්‍යන්තර සම්මුතීන් ශ්‍රී ලංකාවේ දේශීය නීති පද්ධතියට හඳුන්වාදීම තුළින් එම සම්මුතීන්ට කිසියම් අපහාසයක් හෝ හානියක් සිදු නොවන බව තහවුරු කරමින්, මෙරට ජාතික ආරක්ෂාව මෙන්ම මෙරට රජය සතු ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ වගකීම් තුළ සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකි පරිදි නව ත්‍රස්ත මර්දන නීති සම්පාදනය කිරීමට යෝජනා කර ඇතැයිද සඳහන් වෙයි.
අදාළ පනත අධ්‍යයනය කර සිදු කළ යුතු සංශෝධන යෝජනා කිරීම සඳහා ඉහත යෝජිත අරමුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීම සඳහා පත් කිරීමට යෝජිත අනුකමිටුවට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවද වාර්තා වේ.
එමෙන්ම මෙම අනුකමිටු වාර්තාව මාස තුනක කාලයක් තුළ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවටද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇතැයිද කියැවේ.
popular news
-
Samson de silva Tuesday, 22 June 2021 09:35 AM
Thank you, European Union. You have scared the shit out of them.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

