තිහාරිය Hela Clothing, ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සාමජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම කර්මාන්ත ශාලාව නිවේදනය කරයි.
ඒ අනුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම සාමාජිකයන්ගේ ආශ්රිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇති බවද සමාගම පවසයි.
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවගේ ස්වාමිපුරුෂයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.
මොහු නිරෝධානයට ලක්වෙමින් සිටි අයෙකු බවත් අවසන් වරට සේවයට පැමිණ ඇත්තේ ඔක්තෝබර් 02 දා බවත් එම සමාගම වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කරයි.