අයි.එස්.අයි.එස්. ත්රස්ත්රවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී සී.ඞී. තැටි ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය මහතා අද (30) නියම කළේය.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීම සඳහා සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව කියමින් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛන්ත්රීපාල මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගනු ලැබු මොහොමඞ් ස්මයිල් අමිල් රහීම් සහ මොහොමඞ් අල්ෆර් මොහොමඞ් නියාස් නමැත්තන් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන්නේය.
සිද්ධියට අදාළව සිදුකළ පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් තමන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව කොළඹ 12, මැසෙන්ජර් වීදීයේ, ෆීනික්ස් මහල් නිවාස සංකීර්ණයේ අයි.එස්.අයි.එස්. ත්රස්ත්රවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගෙන නිවස සොයාගෙන ඇතැයි දැනුම් දුන්නේය.
තව්හිඞ් ජමාඞ් සංවිධානයේ නායක සහාරන් විසින් අයි.එස්.අයි.එස්. ත්රස්ත්රවාදීන්ගේ මතවාද අඩංගු කොට පටිගත කළ සී.ඞී. තැටි මෙන්ම තව්හිඞ් ජමාඞ් සංවිධානයේ මෙන්ම ත්රස්ත්රවාදීන්ගේ තොරතුරු අඩංගු කළ ටැබ් පරිගණකයක්, ජංගම දුරකතන 12ක්, විදේශ ගමන් බලපත්‍ර 05ක්ද සොයාගත් බව දැනුම් දුන් නිලධාරීන් මෙම සිද්ධියට අදාළව සිදුකළ පරීක්ෂණ වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කළ යුතු හෙයින් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර දුන්නේය.