පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී තුවාල ලබා රෝහල් ගතකර සිටි හසිත නොහොත් බණ්ඩා නමැත්තා අද (18දා) සවස මරණයට පත්වී තිබේ.
අතුරුගිරිය ඔරුවල මයිලංගම ප්‍රදේශයේදී පසුගිය (04දා) කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මෙම සැකකරු අත්අඩංගුවට යෑමේදී ඔහු විසින් සංවිධාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩිතැබීමක් සිදු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙහිදී පුද්ගලික ආරක්ෂාව සඳහා පොලීසිය සිදුකළ වෙඩි ප්රහාරවලදී තුවාල ලැබූ මෙම සැකකරු ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ ලැබිණි.
මාකදුරේ මධූෂ් නමැත්තාගේ සහ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයකු ලෙස බණ්ඩා කටයුතු කර තිබෙන බවත් මොහු මාතර රන්භාණ්ඩ වෙළෙඳසැල මංකොල්ලකෑමට හා මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය සංවිධානය කර තිබෙන පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කරයි.