ශ්‍රී ලංකාව තුළින් තවදුරටත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 212ක වාර්තා වී තිබේ. ඉන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 132ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 131ක් වාර්තා වෙයි.
සෙසු ආසාදිතයන් 341ක දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන් 826 ක් හඳුනාගෙන තිබේ. එයින් පුද්ගලයන් 10ක් විදේශගතව මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි.