අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග කූට ලෙස කුඩු ජාවාරම්කරුවන්ට විකුණන ලදැයි ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් පොලිස් කොස්තාපල්වරයකු ලබන 21 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (14) නියම කළාය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 21 දෙනා අතුරින් 13 වැනි සැකකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද පොලිස් කොස්තාපල්වරයා මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළාය.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 21 දෙනාගෙන් මීට පෙර අවස්ථාවකදී අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 12දෙනකුද ලබන 21 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කොට ඇති අතර ඒ අවස්ථාවේදී මෙම සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දී තිබිණි.
මෙම සිද්ධියට අදාළව රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා රහස් පොලිස් නිලධාරීන් විසින් විශේෂ ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කොට අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලීසියට නියම කළාය.
හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන ලදැයිද හෙරොයින් ජාවාරම් කරන ලදැයිද කියන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මීට පෙර අවස්ථාවකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කළ උපපොලිස් පරීක්ෂකවරයෙ සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවු තොරතුරු වලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඞ් භාරයට පත් කොට ඇත.
