රජය විසින් ඇනවුම් කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් ඉදිරි මාසයක පමණ කාලයකදී මෙරටට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් තහවුරු කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
අද චිනයේ සිට ගෙන්වනු ලැබු ලක්ෂ 5ක සයිනොෆාම් එන්නත් තොගය භාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එමෙන් ම කොවිඩ් මර්දනයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක්ද ඉදිරියේදි ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
එම එන්නත් තොගය භාරගැනීමේ අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඉදිරි මාස දෙකක පමණ කාලය ඇතුලත චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නත මෙරටදී නිපදවීම සම්බන්ධයෙන් ද චීන රජය සහය පල කර ඇති බවයි.