රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්තානයේ සිට පැමිණි මගින් 169 දෙනෙකුගෙන් යුත් පළමු සංචාරක කණ්ඩායම අද මත්තල ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණෙන ලදී.
කසකස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණු අතර ඒ ඒ කසකස්ථානයේ අල්මාටි සිට මත්තල දක්වා ය.
ඉදිරියේදී මගී සංචාරක හා භාණ්ඩ මෙහෙයුම් සදහා මෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මුහුදු වෙරල තම ගනුදෙනුකරුවන්ට හදුන්වා දීම එයා අස්තානා ගුවන් සේවය බලාපොරෝතුවන බවයි එහි කළමනාකරුවන් පවසා සිටින්නේ.
එමෙන්ම මෙම පැමිණීම වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය ඩි.වී චානක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක්ද ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකරන ලදී