ශ්රී ලංකා - මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී්රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්ය නායකයෝ එකඟ වෙති.
බිම්ස්ටෙක් සමුළුවේ හතරවන රාජ්ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මයින්ට් මහතා අතර හමුවක් අද (30දා) පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු අතර එහිදී නායකයින් මේ පිළිබඳ සාකච්ඡා කළහ.
ශි්ර ලංකාව සහ මියන්මාරය අතර වෙළෙඳ කටයුතු පහසු කර ගනු වස් 1999 වසරේදී මෙම වෙළෙඳ ගිවිසුමට එළැඹිනි. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර් - ශ්රී ලංකා ද්වි පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ විශේෂ අවධානය යොමු වූහ.
නුදුරු දිනකදීම තමන් ශ්රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.
එමෙන්ම දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ප්රවර්ධනය කර ගැනීමටත්, මියන්මාර් ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශ්රී ලංකාවට යොමු කිරීමට කටයුතු කරන බවත් මියන්මාර් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.