කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,177 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 441,000 බරැති ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද පියවර ගෙන තිබූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව ගුවන් යානා 09 කින් ගුවන් මගීන් 701 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මාලදිවයිනේ මාලේ සිට 102 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 78 දෙනෙකු ද එසේ පැමිණි ගුවන් මගීන් අතර සිටියහ .
මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .
එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 476 දෙනෙකු ගුවන් යානා 10 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 78 දෙනෙකු ද , ඕමානයේ මස්කට් වෙත 65 දෙනෙකු ද එසේ පිටත්ව ගිය ගුවන් මගීන් අතර සිටියහ .
එමෙන්ම මෙම කාළසීමාව තුළ ආනයන ලෙස කිලෝ ග්‍රෑම් 78,000 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , අපනයන ලෙස කිලෝ ග්‍රෑම් 363,000 ක බර ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .