කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 30 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,515 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව ගුවන් යානා 15 කින් ගුවන් මගීන් 990 දෙනෙකු මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටාර් රාජ්‍යයේ දෝහා සිට 98 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 96 දෙනෙකු ද පැමිණ සිටි ගුවන් මගීන් අතර විය .
මෙසේ පැමිණි ගුවන් මගීන් සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .
එසේම තවත් ගුවන් මගීන් 525 දෙනෙකු ගුවන් යානා 15 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 109 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 90 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .
එසේම කිලෝ ග්‍රෑම් 99,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 136,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා රැගෙන ගොස් තිබුණි .
එමෙන්ම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 113 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .