කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය ඇතිව ශ්‍රී ලාංකික ගුවන් මගීන් 284 දෙනෙකු ගුවන් යානා 08 කින් පැමිණ තිබූ අතර , මෙම කාලය තුළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 521 දෙනෙකු ගුවන් යානා 12 කින් විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
එසේ පැමිණ සිටි පිරිස අතර වැඩි පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ගුවන් යානා 02 කින් 138 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 114 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම කාළසීමාව තුළ පැමිණ සිටියහ .
පසුව ඔවුන් කොළඹ පෞද්ගලික රෝහල් කීපයක සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබුණි .
එසේම මෙම කාළය තුළ ශ්‍රී ලාංකිකයන් 400 ක් පමණ මැදපෙරදිග රටවල රැකියා සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබූ අතර , මීට අමතරව සිංගප්පූරුව , මාලදිවයින සහ ඉන්දියාව වෙත ද මෙසේ ශ්‍රී ලාංකිකයන් පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .