නියම කර ඇති මරණ දඩුවම, ජීවිතාන්ත සිරදඩුවම දක්වා ලිහිල් කරන ලෙසට බලකරමින් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්රියාත්මකය.
මේ අතර ඊට සහාය පළ කරමින් අද (26) බූස්ස බන්ධනාගාරයේ සිකරුවෙකු ද ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ තමන්ට ලබා දී ඇති මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කරන ලෙසය.