බංග්ලාදේශය, ඇල්බේනියාව, පැරගුවේ හා බුර්කිනා ෆාසෝ යන රටවල් තුළින් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වන විට ලෝකය පුරා කොවිඩ් රෝගීන් වාර්තාවන රටවල් සංඛ්‍යාව 105ක් දක්වා වර්ධනය වී තිබේ.
සඳුදා දිනය වන විට ලෝකය පුරා කොවිඩ් ආසාදිතයන් 109 578ක් වාර්තා වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 3994ක් වෙයි.