දිනපතා කොළඹ නගරයට ඇදී එන වාහන වලින් සහ මාර්ග දෙපස ගාල්කර ඇති වාහනවලින් සිදුවන තදබදය අවම කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජාපවිත්‍රතා කටයුතු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් අද( 19) නාරාහේන්පිටදී මෙම බහුමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුනු අතර මෙම ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන 1500කි.
මහල් 10කින් සමන්විත වර්ගඅඩි මීටර 25077කින් යුත් මෙම ගොඩනැගිල්ල තුළ වාහන 216ක් නවතා තැබීමට පහසුකම් ඇත. මෙහි බිම් මහලෙහි : විශාල ප්‍රමාණයේ සාප්පු සංකීර්ණයන් සමග බස් රථ නැවැත්වීමේ පහසුකම් සහිතව ඉදිකිරීමට නියමිතය.
පළවන මහලේ සිට 4වන මහල දක්වා සැහැල්ලු වාහන අංගනයන් ද 5වන මහලේ ආහාරපාන ලබාගැනීමේ පහසුකම් සහිතව හරිත උද්‍යානයක් ද, 6වන මහලේ සිට 9 වන මහල දක්වා නිවාස ඒකක 40ක් ද බැගින් ඉදිකිරීමට නියමිතය. එමෙන්ම මෙම සෑම මහලකම නිවාස ඒකක 10 බැගින් ඉදිවනු ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම නාරාහේනපිට බහුමල් රථගාල ඉදිකිරීමට කටයුතු සිදුකරනු ලබන අතර ප්‍රථම අදියරේ ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු වශයෙන් සැන් පයිලින්ග් පුද්ගලික සමාගම කටයුතු කරයි.