පොලිස් බල ප්‍ර දේශ 24ක් හුදෙකලා කර තිබුණ අතර අද උදෑසන 5 සිට පොලිස් බල ප්‍ර දේශ 6ක හුදෙකලා කිරීම ඉවත් කිරීම හේතුවෙන් තවදුරටත් පොලිස් බල ප්‍ර දේශ 18ක හුදෙකලා කිරීම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අටලුගම ග්‍රාම සේවා 7ක් තවදුරටත් හුදෙකලා කර ඇති බවත් ඔහු පැවැසීය. සැමවිටම සංචරණය සීමා කරමින් කටයුතු කළහොත් ඉතිරි ප්‍ර දේශද ඉක්මනින්ම හුදෙකලා කිරීමෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.