කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
ඔවුන්ගෙන් 09 දෙනෙකු නාවික මහ රෝහලින්ද, 07 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, දෙදෙනෙකු (02) අයිඩීඑච් රෝහලින්ද, තවත් නාවික හමුදා පුද්ගලයෙකු (01) හෝමාගම රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.