ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය මැදිරි දෙසීයක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට තවත් මැදිරි සීයක් එකතු කිරීමේ ව්‍යාපෘතිය සොයා බැලීමට ප්රරවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (27දා) දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් තන්ත්‍රී සමාගමේ දුම්රිය අංගනයයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රී පුද්ගලික සමාගම එක්ව මෙම දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කරන අතරදු ම්රිය මැදිරියක ආරක්ෂාව සලසන රෝද තිරිංග පද්ධති කොටස් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ද දුම්රියේ මැදිරි ඇතුලත කොටස් තන්ත්‍රි සමාගමෙන් ද සිදුකරනු ලබයි.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ලේකම් මොන්ටි රණතුංග,දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා තන්ත්‍රි සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රි මහතා,අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි(යාන්ත්‍රික) කීර්ති හේවා විතාරණ යන මහත්වරැ එක්ව සිටි අතර එහිදී අමාත්‍යවරයා නිමවෙමින් පැවැණි දුම්රිය මැදිරි පරීක්ෂාවට ලක්කරනු ලැබීය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය දිරි දෙසීයක් නැවත ප්‍රතිසංස්කරණය කොට ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුමේනියන් මැදිරි එකසිය හතළිහක් හා බලවේග කට්ටල හැටක් ප්‍රතිසංස්කරණය කරනු ලබයි.
ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2388 කි රුමේනියානු මැදිරිය එකසිය තිස් අටක් හා එස් 8 මැදිරි පනස් දෙකක් තන්ත්‍රි සමාගම විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර ඉදිරි මැදිරි මේ වර්ෂයේ මැයි 15 දිනට ප්‍රථම අළුත්වැඩියාව සිදු කරන දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය තුලින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වී තිබෙන අතර මෙම දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට අදාල ක්ෂේත්‍ර විශාල දියුණුවක් ද මේ තුළින් සැලසී ඇති බව එහිදි අමාත්‍යවරයා පැවසීය.
වර්තමානයේ නව ඉන්දියානු මැදිරි ආනයනය කිරීමට රුපියල් මිලියන 90 කට අධික මුදලක් වැය වෙන අතර බලවේග කට්ටල මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන එකසිය තිස් දෙකක පමණ මුදලක් වැය කිරීමට සිදුවේ.
රේඛා තරංගනී ෆොන්සේකා