මඩකලපුව දිස්ත්‍රීක්කයේ ග්‍රාම නිලධාරි වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
එ අනුව මෙලෙස හුදෙකලා කෙරෙන්නේ සින්නයුරානි,පලමින්මඩු,තිරුචේන්තුරේ , කල්ලඩි වෙල්ලුර් ග්‍රාම නිලධාරි වසම් සහ නොච්චිමුනෙයි ග්‍රාම නිලධාරි වසමේ පුනොච්චිමුනෙයි ගම්මානයි.
එසේම දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 38 ක් හුදෙකලා බවින් ඉවත් කිරිමටද කටයුතු කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලදාරි වසම් 8ක් ,ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 9ක් ,කථතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 16ක් ,මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රමා නිලධාරි වසම් 3ක් ,සහ නුවරඑළිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල එක් ග්‍රාම නිලධාරි වසම බැගින් මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබේ.