අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 189කි.
මෙම මරණය 24 දා සිදුව ඇති අතර කොවිඩ් ආසාදනය නිසා ඇති වූ උග්‍ර හෘද ආසාදනය මරණයට හේතුව ලෙසින් දැක්වෙයි.