තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබේ.
මිය ගිය අය අතරට අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 08 දෙනෙක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත් වෙයි.