ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 39ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා වර්ධනය වී තිබේ.
අවුරුදු 30ට අඩු එක් කොවිඩ් මරණයක් වාර්තාවී ඇති අතර සෙසු මරණ අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙයි.
මිය ගිය පුද්ගලයන් 12ක් කාන්තාවන් වන අතර 27ක් පිරිමින් වෙයි. මෙම මරණ 39 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කර තිබේ.