කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 251 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ එම ආසාදිතයින් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් බවය.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,742 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී මේ දක්වා හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන වන්නේ 22,279කි.