මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 281 දෙනෙකුගෙන් (19) දින සිදු කර රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි සේවකයින් 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්,එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් මේ වන විට අසාදිතයන් 100 කට ආසන්න පිරිසක් හමු වි ඇති බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාව වරින් වර විෂබිජහරණය කර ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඇගළුම් කටයුතු සිදු කරගෙන යන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවට හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයෙන් පැමිණෙන සේවකයින්ට ඇගළුම් කර්මාන්ත ශාලාවට නැවත දැනුම් දෙනතුරු නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදෙන ලෙසට පාලන අධිකාරියට දැනුම් දුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.