Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
තවත් අවුරුදු පහක් ශ්‍රී ලංකාවේ ජනපති ලෙස කටයුතු කරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මල්වතු මහා විහාර පාර්ශ්වීය අනුනායක අති පූජ්‍ය ඉඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන හිමියෝ පැවැසූහ.
දිවයිනේ විහාරස්ථාන 60කට අධික ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රධානය කිරිමට කොටුව ජනපති මන්දිරයේ පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.
“ඔබතුමා මහා මන්දිර අපේක්ෂා කළේ නෑ. ජනපතිතුමා සඳහා මහ විශාල දැවැන්ත මන්දිරයක් තිබෙනවා. හැබැයි ඒක එතුමා ප්‍රතික්ෂේප කළා. පොඩි තැනක් තමයි තමන් වෙනුවෙන් පාවිච්චියට ගත්තේ. එක ලංකාවටම හා ලෝකයට ඔබතුමා කළ ආදර්ශයක්.
එපමණක් නොවේ ඔබතුමා ත්‍රිපිටකය හරියටම ඒක නීතිගත කළා. ජනාධිපතිතුමනි ඔබතුමා හාමුදුරුවරු ගැන ඒ විදියට හිතුවා..
ජනාධිපතිතුමන්ගේ මේ අවුරුදු 4 ඉවරයි. තව අවුරුද්දක් තිබෙනවා. හැබැයි අපි ඔබතුමාට ආරධනා කරනවා ඒ අවුරුද්ද විතරක් නෙමෙයි. ඉදිරියට මේ රට ගොඩනගන්න ඊළග අවුරුදු පහෙත් මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්න ශක්තිය ලැබේවා. ඒක අපිට කරන ලොකු පිනක්. ”
popular news
Sanath Thursday, 10 January 2019 11:31 AM
නිකන් කටට අවාට කියපු එකක් වෙන්න ඕනේ. මෙයා ආයෙත් ආවොත් රටත් ඉවර වෙඉ.
Reply : 215 86
Champa Thursday, 10 January 2019 11:37 AM
මොනවා? කාලිංඝ මාඝගෙන් පස්සේ සම්බුද්ධ සාසනයට කරපු ලොකුම හානිය කලේ රනිලුයි මෛත්‍රියි දෙන්නා. අවුරුදු 4ක් තිස්සේ කරන්න හැදුවේ රට අනාගමික කරන එක. 2015 අවුරුද්දේ දළදා පෙරහරත් නවත්ත හැදුව. පන්සල් වල හිටපු අලි ටික අරගෙන පෙරහැරවල් නවත්තන්න හැදුව. හාමුදුරුවුරු බොරු චෝදනා හදල හිරේ දැම්මේ මෛත්‍රීගේ ආණ්ඩුව. මීට වඩා මහා ලොකු හානියක් රටට වෙන්න තිබුන මිනිස්සුයි හාමුදුරුවරුයි කෑගහල නවත්ත ගත්තේ නැත්නම්. දැන් ත්‍රිපිටකේ ලෝක උරුමයක් කලාට කරපු පව් හෙදෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර පන්සල් වල ඉඩම් වෙන මිනිස්සු අයිති කරගෙන. නැවත ලබා දෙන්න ඕනේ ඒ ඉඩම්. උතුරේ පුරා විද්‍යා බිම් බුල්ඩෝසර් කළා. උතුරේ බුදු පිළිම අයින් කරන කොට කතා නොකර කට වහගෙන හිටපු ජනාධිපතිට දැන් චන්දෙ ලං වෙනකොට තමයි බුද්ධාගම මතක් වෙන්නේ. ඉස්සර ජනාධිපතිවරුන්ට කොළොඹ තිබුනේ එක මන්දිරෙයි. දැන් දෙකයි. නිල මන්දිරයක් තියෙද්දී තව ගෙදරක් කෝටි ගානක් වියදම් කරලා නවීකරණය කරලා පදිංචි වෙලා. හාමුදුරුවෝ දන්නේ නැති වුනාට දැන් මන්දිර දෙකක් මහජන මුදලින් නඩත්තු වෙනවා. අපූරු ආදර්ශේ. රනිල් ඉන්න හෝ මෛත්‍රී ඉන්න කිසිම පක්ෂේක්ට ආයේ සිංහල බෞද්ධයෝ චන්දෙ දෙන්න හොඳ නැහැ.
Reply : 197 230
Champa Thursday, 10 January 2019 12:01 PM
තව තියෙනව කියන්න. එල්ලුම් ගහ ගේනව කියල සිංහල බෞද්ධ රටක් විදිහට ලෝකේ පුරා නමක් තිබ්බ ලංකාවට කරන්න තිබ්බ ලොකුම අපහාසය කළා. "පාණාතිපාතා වේරමණී" කියලා පලවෙනි පන්සිල් පදේ කියන කිසිම බෞද්ධයෙක්ට මිනිස්සු එල්ලලා මරන්න ඕනේ කියලා කියන්න පුලුවන්ද? බෝග වලට හානි කරනවා කියලා රිලව් දඬු ලේන්නු වල ඌරෝ මරන්න ඕනේ කියලා කිව්වා. සුද්දෙක්ගෙන් ඇහැව්වලු එතකොට සුද්ද කිව්වලු ඒ රට වල නම් සත්තු විනාශ කරනවා කියලා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ල කිව්වා බෞද්ධ කියල හරි යන්නේ නැහැ, අපිටත් වෙනස් වෙන්න වෙනවා. ඒ හින්ද ඒ රටවල විදිහට බෝග විනාශ කරන සත්තු මරන්න ඕනේ කියල. ඔන්න බුදු හාමුදුරුවෝ තුන් වරක් වැඩම කරපු රටේ ජනාධිපතිගේ කතාව. බැලු බැලූ අතේ සත්තු මැරෙනවා මිනිස්සු මැරෙනවා. දවස් ගණන් පරණ මිනී, සත්තුන්ගේ මල කඳන් හැම තැනම. ඊළඟට රටේ නායකයා වෙන්න ඕනේ නියම සිංහල බෞද්ධයෙක්. එන මිනිහ කවුරු වුනත් ඉස්සෙල්ලම කරන්න ඕනේ රටයි බුද්ධ සාසනයයි ආරක්ෂා කරන දෙවියන්ටත් මහ පොලොවට බැහැල දළදා හාමුදුරුවොයි, ශ්‍රී මහා බෝධීන් වහන්සේයි, ශ්‍රී පතුලයි නමස්කාර කරන්න පුළුවන් විදිහට, විශාලා මහනුවරක් වෙලා තියෙන මේ පින් බිම පිරිත් පැන් ඉහල පිරිසිදු කරන එක.
Reply : 3 0
udaya Thursday, 10 January 2019 12:24 PM
කටින්ද කියන්නේ . අනේ හාමුදුරුවනේ තත්වේ තියාගෙන කට පියාගෙන ඉන්න. ජනාධිපති ගැන රටේ මිනිස්සු බල ගනී
Reply : 0 53
උපුල් Thursday, 10 January 2019 12:36 PM
ඔප්පුවක් දුන්නම, වාහනයක් දුන්නම චීවරධාරින් ඕන දෙයක් කරනවා
Reply : 0 14
Nandana Thursday, 10 January 2019 02:45 PM
හාමුදුරුවනේ පන්සලේ වැඩක් බලාගන්න , ලංකාවේ දේශපාලනය අසුචි වලක් ඔබ වහන්සේට ඕව කියල පව් පිරේවි.
Reply : 0 23
janatha anura Thursday, 10 January 2019 02:59 PM
ජනතාවගේ දානමාන වලින් සප්පායම් වී මේ උන්නාන්සේලා දෙසන කොරන්නේ දහම නොවේ දේසපාලනය පමණි ජනපති තෝරන්න බුදුහාමුදුරුවන් අපිට කියා දී තිබෙන්නේ ජනතාවගේ වැඩි චන්දයෙන්මිසක් හම්දුරුවන්ගේ බන ප්‍රර්ථනා අනුව නොවේ
Reply : 0 0
janatha anura UAE Thursday, 10 January 2019 03:04 PM
බුදුන් සිවි වරක් වැඩි සිරිලංකා දීපය, හැමවිට පවසනු මුවින් ඔබේ බුද්දන් සරණන් ගච්චාමි කියල සින්දුව කියන කොට අපේ උන් නටනවා කට ගොන්නක් බීගෙන නමුත් සාන්ත අන්තෝනි මුනි තුමා කියන කොට නිශ්ශබ්ද වෙනවා සුදු පාලනය සිහිවෙලා මේවා අපි ඩුබායි වෙලා දකින දේවල් එවැනි සමාජයක හාමුදුරුවන්ගේ දේසපාලනය නොව දහමේ පිහිටුවීම වැදගත් වෙනවා
Reply : 0 0
janatha anura Thursday, 10 January 2019 03:07 PM
සාදු සාදු ඔන්න ඕකයි තත්වේ
Reply : 0 0
siriwardane Thursday, 10 January 2019 03:57 PM
එහෙම ඔනොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.
Reply : 0 0
chathuri Thursday, 10 January 2019 05:47 PM
මහින්දටත් කිව්වේ. ඔය ටිකම. තමයි , මේ කට්ටිය. තමන්ගේ බුදලයෙන් කොටසක්. පන්සලට. දෙනවනම්. කමක්. නැහැ. රටේ දේපල මුදල් පන්සල් වලට. පුජකකරලා නිවන් දකින්න. හදනවා හාමුදුරුවොත් මේ අයට. ඇත්ත. පහදා දෙන්නේ. නැතිව. මේ ගොල්ලන්ව තව පුම්බනවා. ඊට. පසු ලැබෙන්නේ දුන්නට වැඩිය ලොකු දෙයක් පුජා කරනවා. නමුත් මේ පින දුප්පත් ලක්වාසියට තමයි ඒ. පින් ලැබෙන්නේ දුප්පතාට ඉන්න. හිටින්න. තැනක් නැහැ, නමුත් පන්සල්වලට අක්කර. ගණනින් ඉඩම් ඔප්පු. පුජා කරනවා. මේපිනම ඇති. දුප්පත් ජනතාවට රටේ නායකයට දුප්පතාගේ. දුක පෙන්නේ. නැහැ ඔහුට ඕන. රටේ වටිනා කියන. දේවල් සාසනයට පුජා කරලා. නිවන් දකින්න , මොවුන්ගේ. අතින් සත පහක්. වියදම්. වෙන්නේ. නැහැ , හාමුදුරුවොත් මෙය දන්නවා නමුත් පහදා දෙන්නේ නැහැ, එතැනදී හාමුදුරුවන්ට. තණ්හාව. ,පෙරේත. කම ඇතිවෙලා. මේ අයට සෙත් පතනවා මේවගේ. දන් දෙන්න තව අවුරුදු ගානක් මේ තනතුර රැකදෙන්න කියල , එදා. මහින්ද. රජයේ මුදල් දේපල ,සිල්රේදී දන් දුන්න. විදියට. අද වෙනකොට කොයිතරම් නින්දා අපහස වින්දද ,විදිනවද . මේ නායකයෝ රටේ සම්පත් සසුනට පුජා කරමින් බලාපොරොත්තු වෙන්නාවූ නිවන් සියලුම ලක්වැසියන්ට කිසිදු බාදාවකින් තොරව ,නිරෝගී සැපවත්. ජිවිත. මතු සසරේ ලැබෙන්න. කියා. මම ප්‍රර්ථනා කරනවා. , හමුදුරුවටත් මේ සසරේදීම. ඇත්ත තේරුම් අරගෙන සියලුම දෙනාට තම ජිවිතයේ ඇත්ත වටහා දීමට හාමුදුරුවන්ට ශක්තිය ලැබේව කියා. ප්‍රර්ථනා කරනවා
Reply : 0 0
rocky Thursday, 10 January 2019 08:42 PM
මේ හාමුදුරුවෝ පහු ගිය කාලේ හිටියේ ලංකාවේද? එහෙම නැත් නම් කතා කරන්නේ අධෝ මුඛයෙන්ද? එහෙමත් නැත් නම් මේ කහකඩයා සිවුර පෙරවා ගත් වෙනත් ආගමිකයෙක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd