වරකාපොල තුල්හිරිය පිහිටි ප්රමුඛ පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවකින් මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයන් 111ක් හමුව ඇති බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත කුමාර මහතා පවසයි.
මෙම සමස්ත ආසාදිතයන් අතරින් 50ක් මේ වන විට සුවය ලබා තිබේ. එම ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් 600ක් අද දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතව තිබේ.
මේ වන විට සමස්ත ආසාදිතයන් 111න් 50ක් සුවය ලබා ඇතැයිද තවත් 869ක් නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.