කොවිඩ් ආසාදිත කාන්තාවක් පැමිණීම හේතුවෙන් තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (09) පියවර ගනු ලැබීය.
අවිස්සාවේල්ල නගරයේ සිට ලිඳුල, බඹරකැලේ වතුයායට පැමිණි තරුණියක් ඉකුත් 07 දින තලවකැලේ නගරයට පැමිණ රෙදිපිළි වෙළෙඳ සැලකට හා සැලුන් එකකට ගොස් ඇති බවත් පසුව එම කාන්තාවට කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මෙම කාන්තාව අවිස්සාවේල්ල නගරයේ සිට ලිඳුල බඹරකැලේ වත්තට පැමිණීමේදී ගිනිගත්හේන කලුගල ආරක්ෂක මුරපොලේදී සිදු කරන ලද පී. සී. ආර්. පරික්ෂාවට අනුව කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන තිබේ.
වසා දමා ඇති වෙළෙඳ සැල්වල සේවකයන් නිරෝධායනයට යොමු කොට ඇති බවත් ඔවුන් හෙට (10) දින පී. සී. ආර්. පරික්ෂණ සිදු කරනු ලබන බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.
ශාන් හුලංනුගේ