පාකිස්තානය විසින් තලේබාන් විසින් අල්ලාගෙන ඇති ඇෆ්ගනිස්ථාන දේශ සීමාව නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
තමන් රැගෙන යන භාණ්ඩ විනාශ වන බැවින් දේශසීමා විවෘත කර දෙන ලෙසට වෙළෙන්ඳන්ගෙන් වූ බලපෑම නිසා මෙසේ දේශසීමා විවෘත කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර හා මුදල් අමාත්‍යාංශ සහ තලේබාන් ප්‍රකාශක විදෙස් මාධ්‍ය විසින් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නොමැත.
ඇෆ්ගනිස්තානයෙන් විදේශ හමුදා ඉවත් කරගැනීමේ වාසිය ලබාගනිමින් තලේබාන් සංවිධානය නැවතත් එරට බලය අල්ලා ගැනීමට කටයුතු කරමින් සිටින අතර, මේ වනවිට ඇෆ්ගනිස්තානයේ වැඩි කොටසක බලය තම සංවිධානය යටතට නතු කරගෙන ඇත.
මේ අතර එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් වෙනස්වන ආරක්ෂක පරිසරයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද ගුවන් සමාගම් සහ අනෙකුත් එක්සත් ජනපද මෙහෙයුම්කරුවන් සඳහා ඇෆ්ගනිස්ථානයට සිදුකරන නව ගුවන් ගමන් තහනම් කර තිබේ.