ෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .
තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත මහතා ඇතුළු උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද ඇතුළුව පොලිස් නිලධාරීන් හත්දෙනකු ඒ ආකාරයට නිරෝධායන ට ලක් කිරීමට පියවර ගෙන තිබෙන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළදාමට සම්බන්ධ මත්ස්‍ය වෙළෙන්දකු ඇතුළු ඔහුගේ පවුලේ කිහිප දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට පත් වීම හේතුවෙනි .
මෙම මත්ස්‍ය වෙළෙන්දා තලාතුඔය පොලිසිය සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ස්‍ය වෙළදාමේ යෙදීම හේතුවෙන් එසේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් නිරෝධනයට ලක්කිරීමට පියවර ගත් බෙ ඉහළ පොලිස් නිලධාරියෙකු පවසා සිටියේය.
ෂේන් සෙනෙවිරත්න