ලෝක වෙළෙදපොලේ තෙල්මිළ පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩිසල් මිල ගණන් අඩු කිරිමට හැකි වන දින වකවානු සම්බන්ධයෙන් අපේක්ෂිත වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (11දා) උපදෙස් දී ඇත.
ලෝක වෙළෙද පොලේ තෙල් මිල ඉහළ යාමට මුහුණ දෙමින් මෙරට ජනතාවට සහනදිය හැකි නිශ්චිත කාලවකවානු ගැන අවබෝධයක් ගැනීම සඳහා ලෝක වෙළෙද පොලේ තෙල් මිල අඩු වූ වහාම ක්ෂණිකව එහි වාසිය ශ්‍රී ලාංකීය ජනතාවට දෙන ආකාරය ඉහත වාර්තාව මගින් ම විස්තර කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මාසයේ 10 වන දිනය තෙක් නොසිට ලෝක වෙළෙද පොලේ තෙල් මිල අවූ වහාම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.