ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ඉන්දීය ජනතාව මුහුණදී ඇති ගැටලු අවම කිරීම සඳහා ඉන්දීය රජය විසින් භූමිතෙල් හා ඩීසල් වෙනුවෙන් පනවා තිබූ බදු අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ ඉන්ධන දෙක වෙනුවෙන් අය කළ තීරුබද්ද ඉන්දීය රුපියල් 1.50කින් අඩුකර ඇති අතර ඉන්දිය රජයේ තෙල් පිරිපහදු ආයතන වෙත තවත් රුපියලකින් මෙම ඉන්ධනවල මිල අඩු කිරීමට නියම කර ඇත.
ඒ අනුව ඉන්දීය වෙළඳපොළ තුළ ඩීසල් ලීටරයක හා භූමිතෙල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.50කින් අඩුවෙනු ඇත.