කි.මි ලක්ෂයක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ජනපති අතින් ඇරඹේ
- ජනතාවට ප්‍රතිඥා දුන් “සුරක්ෂිත රට” බිහිකිරීමට ඉකුත් තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළා.
- ත්රස්තවාදයට හෝ ආගමික අන්තවාදයට නැවත කිසිදු ඉඩක් නැහැ.
රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (19දා) ඇරඹිණ.
රටේ ඕනෑම තැනක සිට ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් පිවිසීමේ හැකියාව සැලසීමෙන් ජන ජීවිතය පහසු කිරීම වැඩසටහනේ අරමුණකි.
ව්‍යාපෘතිය ආරම්භ වූයේ පේරාදෙණිය, ගලහ දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ගය සංවර්ධනයට මුල පිරීමෙනි.
මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 52කි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 60 කි. ව්‍යාපෘතිය යටතේ මාර්ගය කාපට් අතුරා නවීකරණයෙන් පසු රථ වාහන ගමනා ගමනයට මෙතෙක් වැය වූ කාලය විනාඩි 45කින් පමණ අඩු වේ.
ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහභාගී වූ පළමු මහජන හමුව මෙයයි. මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් හමුවට සහභාගීවීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාව හමුවේ තමා කියා සිටි “සුරක්ෂිත රට” බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළ බව ඔහු පැවසීය.
“ආරක්ෂක ලේකම්ගේ සිට දක්ෂතම නිලධාරීන් පිරිසක් බුද්ධි අංශයට පත් කළා. ඔවුන්ට බලතල නොබියව භාවිත කිරීමට අවසර දී තිබෙනවා. නැවත ත්රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් බිහිවීමට කිසිසේත් ඉඩ තියන්නේ නෑ..
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන තිබෙනවා. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙනවා.
අධීකරණයේ ස්වාධීනත්වය සහතික කර තිබෙනවා. ඉන් ජනතාවගේ නිදහස සහ සාධාරණත්වය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරනවා. සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාව වෙනුවෙන් සමාන අවකාශයක් උදාකරදීමට මගේ ධූර කාලය තුළ ක්‍රියාකරනවා. .
දුප්පත්කම තුරන් කිරීමට රැකියා ලක්ෂයක් ලබාදීම, රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම, දුගී ජනතාව සඳහා “එක ගමකට එක නිවසක්” වැඩසටහන සහ අද පටන් ගත් ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම “සෞභාග්‍යයේ දැක්මේ” පොරොන්දු අතර තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සෑම පොරොන්දුවක්ම ඉටුකරනවා. ඒ සඳහා ශක්තිමත් රජයක් ලබාදීමට ජනතාව ක්‍රියා කරනු ඇතැයි විශ්වාසය කරනවා.
නිලධාරීන්ට නොබියව තීරණ ගැනීමට අවස්ථාව දී තිබෙනවා.. ඉන් ප්‍රයෝජන ගෙන රට වෙනුවෙන් වැඩ කරන්නැයි මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
පසුගිය වසර පහ තුළ රටට ලැබුණු ආයෝජන අවස්ථා එදා රජයේ අක්‍රීයබව නිසා අහිමි වී ගියා. ආයෝජන නැවත ලබා ගැනීමට අප කැපවී ක්‍රියා කරනවා. ඉන්දියාවට, චීනයට මෙන්ම බටහිර රාජ්‍යයන්ට අපේ රජය ගැන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ රටවල ආයෝජන මෙරට ආර්ථික වර්ධනයට මහත් රුකුලක්”
උත්සවයට සහභාගීවීමට පැමිණෙන අතර ජනාධිපතිවරයා ගලහ ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයන් සමග කතා බහක නිරත විය. වෙළෙඳ සැල් කිහිපයකට ගොස් එළවළු මිල විමසූ ඔහු අධික මිල ගණන්වලට හේතුව විමසීය. තම ප්‍රදේශයේ එළවළු දඹුල්ල නගරයට යවා බෙදා හැරීම මිල වැඩිවීමට හේතුවක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.
අදාළ පාර්ශ්ව සමග කඩිනමින් සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.