ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම වෙනුවෙන් නව නීති කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා තාවකාලික සීමා කිරීම් නියෝග, විවිධ අයුරින් ත්‍රස්තවාදය දිරි ගැන්වීම තහනම් කිරීම, නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම හා ජෛවමිතික දත්ත පාලනය කිරීම ආදී ක්ෂේත්රයන් සම්බන්ධයෙන් මෙහිදී නව නීති සකස් කිරීමට නියමිතය.
මේ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය අනු කමිටුවක් මීට ඉහතදී පත්කළ අතර එම කමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා පරිදි පවත්නා නීති සඳහා සංශෝධන කෙටුම්පත් කිරීමට හෝ සුදුසු නව නීති කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඒකාබද්ධව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.