ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව එකී දුබලතා ප්‍රතිශතය සියයට 50ට අඩුවීම හේතුවෙන් ප්රතිලාභ නොලබා අදාළ සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගොස් හෝ අස්ව සිටින ත්‍රිවිධ හමුදා සේවා පුද්ගලයින් වෙත හිග වැටුප් ගෙවීම සදහා වන යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
දැනට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2430ක් සදහා මෙම හිග වැටුප් ගෙවීමට ඇති අතර, ඒ සදහා වැය වන මුදල රුපියල් 3,025,255,872කි. මෙම හමුදා සාමාජිකයින් වෙත ගෙවීමට ඉතිරිව ඇති මුදල් එකවර ගෙවීමට යෝජනා කර ඇති අතර, යෝජනාව ක්‍රියාත්මක කිරීමේ දී මූල්‍ය දුෂ්කරතාවයක් පැනනගී නම් විකල්ප යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව හිග මුදල රුපියල් මිලියන 2ට අඩු සියලු දෙනා හට එම හිග මුදල එකවර ගෙවීමට හා හිග මුදල රුපියල් මිලියන 2ට වැඩිනම් එම මුදලින් 50%ක් එකවර ගෙවීම හා ඉතිරි මුදල දැනට ගෙවමින් පවතින කොටස් ගණන හෝ වාරික 48යන දෙකෙන් අඩු වාරික සංඛ්‍යාව අනුව ගෙවීමට යෝජිතය.