වහාම ක්රියාත්මක වන පරිදි ත්රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කර තිබේ. මීට පෙර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය කටයුතු කළේය. මේ අනුව සියලු ත්රිවිධ හමුදා සාමාජිකයන්ට සේවයට වාර්තා කරන ලෙස රජය දන්වා සිටියි. රජයේ සහ සියලු සංවේදී ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය තීරණය කර ඇති අතර විශාල වශයෙන් එක් රැස් නොවන්නැයි ආරක්ජෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන තැන්වල කඩාකප්පල්කාරීන් නොසන්සුන්තාවයන් ඇති කිරීමට ඉඩ තිබිය හැකි නිසා කල්පනාකාරීව සහ ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ දන්වා සිටයි.