ත්‍රීරෝද රථයක ගමන් ගත හැකි මගින් ප්‍රමාණය දෙදෙනෙකුට සීමා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තව දුරටත් කොණ්ඩ කපන ස්ථාන වසා තැබීමට ද රජය තීරණය කර තිබේ.
මේ අතර, ඇඳිරි නීතිය ලිහිල් කළ පමණින් කොවිඩ් වෛරසයේ අවදානම පහව ගොස් නොමැති නිසා තවදුරටත් සෞඛ්‍ය උපදෙස්වලට අනුව වගකීමෙන් හැසිරෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.