පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත්කර තිබෙන තේරීම් කාරක සභාව ඉදිරියට අගමැතිවරයා හා විපක්ෂනායකවරයා කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්නේ නම් ඔහුද තේරීම් කාරක සභාව ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදිය යුතු බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ දින අගමැතිවරයා කොළඹින් ගොස් සිටි බවත්, ඒ පිළිබඳ ප්‍රශ්න කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ක්‍රියාමාර්ග ගෙන තිබුණද, මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට දේශපාලනඥයන්ට හැකියාව තිබූ බවත්, මේ නිසා වර්තමාන ආණ්ඩුව පළවා හැරිය යුතු බවත් අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.